Thursday, August 21, 2025
Follow Us
මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් ඇතුළු සේවකයින් දෙදෙනෙකුටත් කොරෝනා

මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායකට කොරෝනා වෛරසය ආසාදනය වි තිබෙනවා. නෙත් නිවුස් වෙත වාර්තා වුණේ ඔහුගේ පවුලේ සමාජිකයින් කිහිප දෙනෙකුටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි.

මේ අතර මැතිවරණ කොමිෂන් සභාවේ සේවකයන් දෙදෙනෙකුටද කොරෝනා වෛරසය ආසාදනයවී ඇති බව වාර්තා වනවා. කොරෝනා අවදානම හේතුවෙන් කොමිෂන් සභා ප්‍රධාන කාර්යාලය ඉකුත් 13වන සිකුරාදා වසා දැමුණු බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.

(Neth)