Saturday, October 17, 2026
Follow Us
දුම්රිය සේවකයින් 03ක් මිය යයි

දුම්රිය ස්ථාන 10ක් වැසෙයි


කොවිඩ් වෛරසය ආසාදිතව දුම්රිය සේවකයින් 03 දෙනෙක් මේ වන විට මියගොස් ඇතැයි දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පවසයි.

මෙලෙස මිය ගොස් ඇත්තේ දෙමටගොඩ ධාවන අංශයේ සේවකයින් දෙදෙනකු හා රත්මලාන කර්මාන්ත අංගනයේ සේවකයකි.

දුම්රිය සේවකයන් 360 දෙනෙකු කොවිඩ් ආසාදිතව ඇතැයි ද දුම්රිය ස්ථානාධිපතිවරුන්ද කොවිඩ් ආසාදිතයන් අතර සිටින බැවින් දුම්රිය ස්ථාන 10 ක් මේ වන විට තාවකාලිකව වසා දමා ඇතැයිද ඔහු වැඩදුරටත් පවසයි.

(Aruna)