සමූහ වන්දනා අවලංගු කරයි
සීග්‍ර කොවිඩ් ව්‍යාප්තිය හමුවේ කාත්තන්කුඩි නගරයේ පිහිටි මුස්ලිම් දේවස්ථාන අනූවක් වසා දැමීමට කාත්තන්කුඩි නාගරික කොවිඩ් මර්දන කාර්ය සාධක බලකාය තීරණය කර තිබේ.
සෞඛ්‍ය අංශ සහ ප්‍රජා සංවිධාන පළකර ඇති එකඟත්වය මත දේවස්ථාන පාලනාධිකාරින් මෙම පියවර ගෙන ඇත.
ප්‍රදේශයේ කොවිඩ් ආසාදිතයන් වාර්තා වීම හා මරණ ගණන ඉහළ යාම මීට හේතුවයි.
එමෙන්ම මුස්ලිම් දේවස්ථානවල ජනයා සමූහ වශයෙන් එක්කරගනිමින් සිදුකරන සියලුම සමූහ වන්දනයන් නැවත දැනුම් දෙනතුරු අවලංගු කර තිබෙන බව මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තම්න්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ එම්.එස්.ඒ අහමද් පැවසීය.
මේ අනුව දෛනිකව සිදුකරන පංච වන්දනයන්, සිකුරාදා දින සිදුකරන ජුම්මා වන්දනය, මියගිය අයවළුන් වෙනුවෙන් සිදුකරන ජනාසා වන්දනය ආදී ජනයා සමූහ වශයෙන් එකතු කරන සියලුම වන්දනයන් සිදුනොවන බවද හෙතෙම කීවේය.
එමෙන්ම මුස්ලිම් දේවස්ථාන තුළ තනි තනිව වන්දන සඳහා පමණක් අවසර දී ඇති අතර ඒ සඳහා ඇතුළත් කරගත හැකි උපරිම පිරිස 25 කි.
(Aruna)