හෙද හෙදියන් 105දෙනෙකුට කොරෝනා
කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරුන් හෙද හෙදියන් ඇතුළු 265දෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට තොරතුරු වාර්තා වේ.
මෙලෙස කොවිඩ් ආසාදනය වූවන් අතර හෙද හෙදියන් 105දෙනෙක් සහ වෛද්‍යවරුන් 27දෙනෙකු ද වේ.
ඊට අමතරව සුළු සේවකයින් 133දෙනෙකුට කොවිඩ් ආසාදනය වී තිබේ.
අද (18) පෙරවරුවේ නිකුත් කෙරුණු කොවිඩ් පරීක්ෂණ වාර්තා වලින් මේ බව අනාවරණය වී ඇත.
(Aruna)