Saturday, October 17, 2026
Follow Us
ගුරු විදුහල්පති සංගම් සහ අමාත්‍ය අනුකමිටුව අතර අවසන් සාකච්ඡාව අද

ගුරු විදුහල්පති වැටුප් ගැටලුව සම්බන්ධයෙන් සොයා බලා කරුණු වාර්තා කිරීමට පත් කෙරුණු අමාත්‍ය මණ්ඩල අනු කමිටුව සහ ගුරු විදුහල්පති වෘත්තිය සමිති අතර සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.

අදාල ගැටලුව සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කැබිනට් අනු කමිටුව සහ ගුරු විදුහල්පති සංගම් නියෝජිතයින් අතර ඊයේ දිනයේදීද සාකච්ඡා පැවැත්වුණා. එම සාකච්ඡාවෙන් අනතුරුව අදාල කැබිනට් අනු කමිටුවේ සාමාජික අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මාධ්‍ය හමුවේ කියා සිටියේ අද පැවැත්වෙන සාකච්ඡාවෙන් අනතුරුව දෙපාර්ශවය අතර සාකච්ඡා අවසන් කිරීමට හැකි වනු ඇති බවයි.

(Neth)