Saturday, February 28, 2026
Follow Us
රට වසා දමන ලෙස ආණ්ඩුවට බල කරන ක්‍රියාමාර්ගයකට වෘත්තීය සමිති සැරසෙයි

පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ රට වසා දැමීමට ආණ්ඩුව පියවර නොගන්නේ නම් ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සියලු ක්ෂේත්‍රවල වෘත්තීය සමිති සමඟ සාකච්ඡා කරමින් සිටින බව ජාතික වෘත්තිය සමිති මධ්‍යස්ථානය පවසනවා. එහි ජාතික සංවිධායක වසන්ත සමරසිංහ පැවසුවේ ඉදිරි දින 04 පුරා එම සාකච්ඡා පවත්වන බවයි.

සිකුරාදා දිනය වන විට විද්‍යාත්මක පදනමක් යටතේ රට අඟුලු දැමීමට ආණ්ඩුව පියවර නොගන්නේ නම් ලබන සඳුදා සිට රට ස්වයං අඟුලු දැමීමේ ක්‍රියාවලියකට යොමු කරන බවද ඔහු වැඩි දුරටත් සදහන් කළා.

(Neth)