Saturday, February 28, 2026
Follow Us
කොළඹ ප්‍රධාන වීදියක් වසා දමයි

තවත් ස්ථානයක් වසා දැමේ


කොළඹ කේසර් වීදියේ සියලුම තොග සහ සිල්ලර කඩසාප්පු අද සිට වසා දැමීමට වෙළෙඳසල් හිමියන් පියවර ගෙන තිබේ.

කේසර් වීදියේ වෙළෙදසැල් හිමියන් පැවසුවේ දින 10කට සිය වෙළෙදසැල් වසා දැමීමට තීරණය කළ බවයි.
රෙදිපිළි තොග සහ සිල්ලර වෙළදාමට වඩාත් ප්‍රසිද්ධ කොළඹ කේසර් වීදියට දිවයිනේ සියලුම ප්‍රදේශ වලින් ජනතාව පැමිණී හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල කඩසාප්පු වසා දැමීමට අනුගත වෙමින් කේසර් වීදියෝ කඩ හිමියෝ එම තීරණයට එළඹීමට හේතුවී තිබේ.

(Aruna)