Saturday, February 28, 2026
Follow Us
ලාෆ් ගෑස් වෙළෙඳ පොළට එන දිනය

කහපාට ගෑස් පාරිභෝගිකයන්ට සුබ පණිවුඩයක්


ගෑස් ආනයනය කර වෙළෙඳ පොළට මුදා හැරීම ලබන සිකුරාදා (20) පමණ වනවිට සිදු කළ හැකි වෙතැයි තමන් අපේක්ෂා කරන බව ලාෆ් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව්.කේ.එච්. වෑගපිටිය පවසයි.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ගෘහස්ථ ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 363 කින් ඉහළ නැංවීම පසුගිය සතියේ සිදු කරන ලදී. ඉන් පසු ගෑස් ආනයනය කර අද (17) දින වන විට වෙළෙඳ පොළට නිකුත් කිරීමට හැකි වනු ඇතැයි ලාෆ්ගෑස් සමාගම මීට පෙර විශ්වාසය පළ කළේය.
වසර තුනක පමණ කාලයක් මිල වැඩි කරන ලෙසට සමාගම ඉල්ලා සිටිය ද එය නොලැබුණු හේතුවෙන් ලාෆ් සමාගම ජුනි මාසයේ සිට ගෑස් ආනයනය අත්හිටුවනු ලැබීය. මේ නිසා ගෑස් පාරිභෝගිකයන් ලක්ෂ විස්සක් පමණ දැඩි අසීරුතාවට පත්වූහ.

(Aruna)