දකුණු පළාත තුල ඉකුත් පැය 24 තුල නව කොවිඩ් ආසාදිත රෝගින් 1,457 දෙනෙකු වාර්තා වි ඇති බැව් දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලය පවසයි.
මින් කොවිඩ් ආසාදිත රෝගින් 1,445 දෙනෙකු ප්‍රජාවෙන් වාර්තා වි ඇති අතර සෞඛ්‍ය ආයතන වලින් කොවිඩ් ආසාදිත රෝගින් 12 දෙනෙකු වාර්තා වි ඇත.
ගාල්ල දිස්ත්‍රික්කයෙන් නව කොවිඩ් ආසාදිත රෝගින් 635 දෙනෙකු, මාතර දිස්ත්‍රික්කයෙන් 421 දෙනෙකු හා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් 389 දෙනෙකු වාර්තා වි ඇත. දකුණු පළාතේ කොවිඩ් වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථාන 25ක් තුලින් කොවිඩ් ආසාදිත රෝගින් 2320 දෙනෙකු ප්‍රතිකාර ලබන අතර අතරමැදි වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථාන 04ක් තුලින් ආසාදිතයින් 632 දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටියි.
පසුගිය පැය 24ක කාලය තුල ගාල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයෙන් නව කොවිඩ් ආසාදිත රෝගින් 101 දෙනෙකු වාර්තා වි ඇති බවද දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලය පවසයි.
කොරෝනා රැල්ල ආරම්භයේ සිට මේ දක්වා කාලය තුලදි දකුණු පළාතෙන් කොවිඩි ආසාදිත රෝගින් 39,390 දෙනෙකු වාර්තා වි ඇති බවද දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලය සඳහන් කරන්නේ.
(Neth)