Saturday, February 28, 2026
Follow Us
අතපසුවූ කොවිඩ් ආසාදිතයින් 3,600ක් සමස්ත එකතුවට එක්වෙයි

ගතවූ දින 05ක කාලය තුලදී වාර්තා වූ තවත් කොවිඩ් ආසාදිතයින් 3,640 දෙනෙකු අද දිනයේදී සමස්ත ආසාදිතයින්ගේ ලැයිස්තුවට එක් කළ බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කර තිබෙනවා.

වාර්තා වූ ආසාදිතයින් ගේ තොරතුරු නැවත වරක් තහවුරු කර ගැනීමෙන් අනතුරුව මෙම ආසාදිතයින් සමස්ත ආසාදිතයින්ගේ එකතුවට එක් කළ බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කර සිටින්නේ.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් 358,608ක් වන අතර සක්‍රිය ආසාදිතයින් සංඛ්‍යාව 40,455ක් වනවා. සුවය ලබා ඇති ආසාදිතයින් සංඛ්‍යාව 312,057ක්.

(Neth)