මෙරටින් වාර්තා වන දෛනික කොරෝනා ආසාදිතයින් ගණන අඛණ්ඩව දෙවන දිනටත් ඊයේ දිනයේ 3,000 සේ සීමාව ඉක්මවා ගියා. ඒ අනුව මෙරටින් ඊයේ දිනයේ වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 3,152ක් බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළේ. ඉකුත් 12වනදා සිදු වූ කොරෝනා මරණ 155ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ තහවුරු කළ බවයි යුද හමුදාපතිවරයා පැවසුවේ.
මෙරටින් දෛනිකව වාර්තාවන කොරෝනා ආසාදිතයින් ගණන ඉහල යාම සැලකිල්ලට ගෙන ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට පළාත් අතර සංචරණ සීමා තහනම් කෙරුණා. එමෙන්ම පළාත් අතර පොදු ප්‍රවාහන සේවා ද ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට අත්හිටවනු ලැබුවා.
කෙසේවෙතත් සංචරක, වරාය, ඇගලුම් කර්මාන්ත ඇතුලු අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණක් පළාත් අතර සංචරණය කිරීමට සඳහා අවසර ලබා දෙන බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ.
(Neth)