Wednesday, August 20, 2025
Follow Us
හෙට (14) ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ මෙන්න

ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයෙන් නිවේදනයක්


හෙට පෙරවරු 9 සිට පස්වරු 6 දක්වා පැය 9 ක කාලයක් කොළඹ 12,13,14 සහ 15 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

ජලාපවාහන මණ්ඩලය සඳහන් කළේ මාර්ග සංවර්ධන අධිකාරිය මගින් ඔරුගොඩවත්ත – අඹතලේ මාර්ගයේ සිදුකරන ප්‍රතිසංස්කරණ කටයුත්තක් නිසා අඹතලේ ජල පවිත්‍රාගාරයේ සිට එළි-හවුස් ජලාශය වෙත සපයනු ලබන ජලය අත්හිටුවීම හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදුකෙරෙන බවයි.

(Aruna)