Wednesday, August 20, 2025
Follow Us
රට ලොක් ඩවුන් කරන්න බැරිනම් ලොකප් කරන්න

ඉදිරි සති දෙක වඩාත් තීරණාත්මකයි


කොවිඩ් ශීඝ්‍ර ව්‍යාප්තියත් සමග ඉදිරි සති දෙක වඩාත් තීරණාත්මක නිසා පුද්ගල සංචරණය පාලනය කිරීම සඳහා බලධාරීන් සුදුසු පියවරක් ගතයුතු බව මහාචාර්ය අර්ජුන ද සිල්වා පවසයි.

මෙම සති දෙක ඇතුළත විවාහ මංගල්‍ය උත්සව අවමංගල්‍ය උත්සවය මෙන්ම කායවර්ධන මධ්‍යස්ථාන වැනි වැඩිපුර කොවිඩ් වයිරසය ආසාදනය විය හැකි ස්ථාන පවත්වාගෙන යාමට ඉඩ ලබානොදිය යුතු බවට ද ඔහු අවධාරණය කරයි.
ඔහු ප්‍රකාශ කළේ මොනයම් හෝ හේතුවකට රට ලොක්ඩවුන් එකකට පත්නොකරනවා නම් රට ලොකප් කළ යුතු බවය.

මෙම සති දෙක තුළ ජනතාව පාරට නොබැස කටයුතු කළ යුතු බවත් රජය සහ අදාළ පාර්ශ්වයන් එකතු වීමේ කාලය ඇතුළත කොවිඩ් ව්‍යාප්තිය අවම කර ගැනීමට කටයුතු කළ යුතු බවද මහාචාර්ය අර්ජුන ද සිල්වා පැවැසීය.

(Aruna)