කොවිඩ් වසංගත තත්වය හමුවේ ප්‍රමාණවත් පරිදි සෞඛ්‍ය ආරක්ෂණ පහසුකම් ලබාදෙන ලෙස ඉල්ලමින් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ඊයේ (12) මධ්‍යම රාත්‍රියේ සිට වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ.
දුම්රිය කාර්ය මණ්ඩලයේ මෙන්ම මගීන්ගේ ද සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් මෙම පියවර ගැනීමට සිදුවූ බවයි එම සංගමය සඳහන් කරන්නේ.
"මේ වනවිට ප්‍රවාහන උප දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දුම්රිය ස්ථානාධිපතිවරුන් 30 දෙනෙකු ඇතුළු සමස්තය 78ක් කොවිඩ් ආසාදනය වෙලා මේ වනවිට නිරෝධායනයට ලක්වෙමින් පවතිනවා. සාමාජිකයො දෙන්නෙක් මේ වනවිට ජීවිතක්ෂයට පත්වෙලා තියෙනවා. ආයතනය රැකගන්නවා පමණයි, සේවකයා රැකගන්න ක්‍රමවේදයක් නෑ. දිගින් දිගටම යන මේ ක්‍රමවේදයට විරෝධය පළකිරීමක් ලෙස සහ මගීන්ගේ ආරක්ෂාව තකා අපි රාත්‍රී 12.00ට සියලු දුම්රිය ස්ථානාධිපතිවරුන් ලංකාව පුරාම සේවයෙන් ඉවත් වෙනවා. පැය 24ක කාලයක් අපි සේවයෙන් ඉවත්වෙලා දෙපාර්තමේන්තුවට සහ රජයට ඒ අවශ්‍ය පහසුකම් සලසන්න කියලා බලකරනවා. දුම්රිය ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම් සහ මෙහෙයුම් කටයුතුවලින් අපි ඉවත් වුණාට පස්සෙ මගී ගමනාගමනය ඇණහිටිනවා. දුම්රිය ධාවනය සම්පූර්ණයෙන්ම අඩාල වෙන්න ඉඩ තියෙනවා. සංඥා නිකුත් කිරීම් සහ ඒ සියලු දේ සිද්ධ වෙන්නෙ නැහැ, මේ දිනයේදී ආරක්ෂිත දුම්රිය ගමනාගමනයක් කිසිසේත් බලාපොරොත්තු වෙන්න බෑ" යනුවෙන් එම සංගමය ඊයේ (12) මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කළේය.
මේ අතර දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා මාධ්‍ය වෙත සඳහන් කර තිබුණේ සීමිත දුම්රිය ගමන්වාර කිහිපයක් පමණක් අද දිනයේදී ධාවනය කිරීමට සැලසුම් කර ඇති බවකි.
(LNW)