Wednesday, August 20, 2025
Follow Us
අධිවේගී මාර්ගේ රියැදුරන්ට විශේෂ නිවේදනයක්

අධිවේගයේ ප්‍රවේශ පත්‍රය නැති වුණොත් මින් ඉදිරියට වෙන දේ මෙන්න


කොවිඩ් 19 වෛරසය පැතිරීම පාලනය කිරීමේ පියවරක් ලෙස අධිවේගී මාර්ගවල ගමන් ගන්නා වාහන රියදුරන්ට නව මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වා දී තිබේ.

*සියලුම රියදුරන් අධිවේගී මාර්ග වල පිවිසුම් ස්ථානයන්හි කවුළු අසල ටිකට්පත් ලබා ගන්නා අවස්ථාවන්හිදී සහ මුදල් ගෙවීම් කරන අවස්ථාවන්හිදී මුව ආවරණ පැළඳ සිටීම අනිවාර්ය වේ.

*ටිකට්පත් ලබා ගන්නා අවස්ථාවන්හිදී සහ මුදල් ගෙවන අවස්ථාවන්හිදී රියදුරන් වාහනවල වීදුරු සම්පූර්ණයෙන්ම විවෘත නොකළ යුතුය.

*ටිකට්පත් සහ මුදල් ලබාගත් පසු රියදුරන් අත් සේදුම් කාරක දියරයකින් අත් පිරිසුදු කර ගැනීමද වැදගත් වේ.

මේ අතර අධිවේගී මාර්ගයන්හි පිවිසුම් හා පිටවීමේ කපොලුවල සිටින සේවකයන්ටද නව උපදෙස් මාලාවක් මාර්ග සංවර්ධන අධිකාරිය විසින් හඳුන්වා දී තිබේ.

*ඇතැම් රියදුරන් අධිවේගී මාර්ග වලට ප්‍රවේශ වීමේදී ලබාදෙන ප්‍රවේශ පත්‍රය නැති කරගන්නා අවස්ථාවලදී එම ටිකට් පත නැති කරගත් රියදුරු මාර්ගයේ ආරම්භක ස්ථානයේ සිට පැමිණි අයෙකු සේ සලකා මුදල් අයකර ගන්නා ලෙස අධිවේගී මාර්ග සේවකයන්ට උපදෙස් දී තිබේ.

එසේ මුදල් අයකරගැනීමට අධිවේගී මාර්ග වලට අදාල නීතියෙන්ම අවසර ලැබී ඇති බව අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත්තු හා කළමනාකරණ අංශයේ වැඩ වැඩබලන අධ්‍යක්ෂ නිහාල් ලොඩ්වික් මහතා පවසයි.

(Aruna)