Saturday, February 28, 2026
Follow Us
ගුරු - විදුහල්පති වැටුප් විෂමතාවයට විසඳුම් ඉල්ලා වෘත්තීය සමිති අද පෙරවරුවේ සත්‍යග්‍රහයක

ගුරු - විදුහල්පති වැටුප් විෂමතාවයට විසඳුම් ඉල්ලා වෘත්තීය සමිති අද පෙරවරුවේ සත්‍යග්‍රහයක් ආරම්භ කිරීමට නියමිතයි. ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ පැවසුවේ මේවනවිට වෘත්තීය සමිති රැසක් තමන් සමග එක්ව සිටින බවයි.

ගුරු - විදුහල්පති වැටුප් ගැටළුව විසඳීම සඳහා ඉකුත් දා කැබිනට් අනු කමිටුවක් ද පත් කෙරුණා. කෙසේවෙතත් ගුරු වෘත්තීය සමිති පවසන්නේ මෙතෙක් එම අනුකමිටුව මගින් තමන්ට සාකච්ඡාවක් සඳහා කැඳවීමක් කර නොමැති බවයි. ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ආරම්භ කර ඇති ගුරු - විදුහල්පති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් දරුවන්ට ඔන්ලයින් අධ්‍යාපනය අහිමි වන 31 වන දිනය අදයි.

(Neth)