Wednesday, August 20, 2025
Follow Us
කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් සෞඛ්‍ය පද්ධතිය උපරිම තලයට පැමිණිලා

මේ වනවිට රටේ කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් සෞඛ්‍ය පද්ධතිය උපරිම තලයට පැමිණ ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. එහි සභාපති මහින්ද බාලසූරිය පැවසුවේ ඉදිරි පෙළ සෞඛ්‍ය සේවකයින් ද කොරෝනා ආසාදිතයින් බවට පත්වීම මෙම තත්ත්වය වඩාත් තීව්‍ර කර ඇති බවයි.

ඊයේ දිනයේ මෙරටින් කොරෝනා ආසාදිතයින් 2,890 දෙනෙකු අළුතින් හඳුනා ගැනුණා. වාර්තා වූ පුද්ගල මරණ සංඛ්‍යාව 124 ක්. එය දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම දෛනික කොරෝනා මරණ සංඛ්‍යාවයි.

වසංගත රෝග විද්‍යා ඒකකයේ දත්තවලට අනුව මේවනවිට මෙරටින් කොරෝනා ආසාදිතයින් තුන් ලක්ෂ 42,079 දෙනෙකු වාර්තා වී තිබෙනවා. සිදුව ඇති සමස්ථ මරණ සංඛ්‍යාව 5,464 ක්.

(Neth)