Wednesday, August 20, 2025
Follow Us
බදු ඉවත් කළත් පාඩුයි - කිරිපිටි සඳහා රුපියල් 200 ක මිල වැඩිවීමක් ඉල්ලයි

කිරිපිටි ආනයනයේදී පනවා තිබූ ආනයන බදු ඉවත් කළද කිරිපිටි ආනයනය කළ නොහැකි බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. බදු ඉවත් කළද කිරිපිටි කි‍ලෝ එකකින් රුපියල් 200 ක පමණ පාඩුවක් සිදුවන බවයි එම සංගමය පෙන්වා දෙන්නේ.

මේ නිසා අවම රුපියල් 200 ක හෝ මිල වැඩි කිරීමක් අවශ්‍ය බවත්, මිල වැඩි කිරීමකින් තොරව කිරිපිටි ආනයනය යළි ආරම්භ නොකරන බවත් ආනයනකරුවන්ගේ සංගමයේ කමිටු සාමාජික ලක්ෂ්මන් වීරසූරිය මහතා පවසනවා.

අවම වශයෙන් ලබන නොවැම්බර් දක්වා හෝ රුපියල් 200 කින් කිරිපිටි මිල ඉහළ දමන ලෙසයි එම සංගමය රජයෙන් ඉල්ලා සිටින්නේ.

(LNW)