සේවකයින් රාජකාරියට ගෙන්වීමේදී පරිස්සම් වෙන ලෙස උපුල් අනතුරු අගවයි
ඉදිරි දින 14 තුළ මෙරට කොරෝනා රෝගීන් සහ මරණ ගණන ඉතා වේගයෙන් ඉහළ යනු ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසනවා.
කොරෝනා රෝගීන් වැඩි වීම පාලනය කර නොගතහොත් රට ව්‍යසනයකට තල්ලුවිය හැකි බවයි ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ.
ආයතනවලට අනවශ්‍ය සේවකයන් රාජකාරි සඳහා ගෙන්වීම ද නතර කළ යුතු බවයි උපුල් රෝහණ මහතා වැඩි දුරටත් සඳහන් කලේ.
(Aruna)