Wednesday, August 20, 2025
Follow Us
ඊයේත් කොවිඩ් රෝගීන් 2900 ඉක්මවයි. පරීක්ෂණ ධනාත්මක වීමේ ප්‍රතිශතය සියයට 14.64ක් !

ඊයේ (10) දිනය තුළ මෙරටින් හඳුනාගත් මුළු කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 2904ක් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ දත්ත පෙන්වා දෙයි.

ඒ අනුව මෙරටින් මෙතෙක් හඳුනාගත් සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 339,092ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එමෙන්ම ඊයේ දිනයේදී පීසීආර් පරීක්ෂණ 15242ක් සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 4599ක් වශයෙන් කොවිඩ් පරීක්ෂණ 19841ක් සිදුකර ඇත.

ඒ අනුව ආසාදිතයින් ප්‍රමාණය සලකා බැලීමේදී ඊයේ දිනය තුළ මෙරට කොවිඩ් පරීක්ෂණ ධනාත්මක වීමේ ප්‍රතිශතය 14.64%කි.

සාමාන්‍යයෙන් මෙම අගය 5% ඉක්මවා යනවිට එය වසංගතයේ සමාජ ව්‍යාප්‍ති තත්වයක් වශයෙන් හඳුනාගැනේ.

(LNW)