Wednesday, August 20, 2025
Follow Us
ගුරු - විදුහල්පති සංගම් සයිබර් අවකාශයේ විරෝධතාවකට සැරසෙයි

තමන් ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගය ඉල්ලීම් ඉටුවන තෙක් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ගුරු විදුහල්පති වෘත්තිය සමිති සංධානය පවසනවා. පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් විරෝධතා ක්‍රියාමාර්ගය අත්හැර දැමුවද හෙට දිනයේදී සත්‍යග්‍රහයක නිරත වීමට තීරණය කර ඇති බවයි ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ පැවසුවේ.

ගුරු විදුහල්පති සංගම් ඒකාබද්ධව ලබන සතියේදී සයිබර් අවකාශයේ විරෝධතා දිනයක් ප්‍රකාශයට පත් කරන බවද ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම්වරයා වැඩි දුරටත් සදහන් කළා.

(Neth)