රට තුල පවතින කොවිඩ් වසංගත තත්ත්වය පාළනය කිරීම සඳහා දැනට ක්‍රියාත්මක වනවාට වඩා දැඩි තීන්දු ගත යුතු බව ශ්‍රී ලංකා මහජන පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ ප්‍රධාන ලේකම් මහේන්ද්‍ර බාලසූරිය පැවසුවේ දිස්ත්‍රික් මට්ටමින් සංචරණ සීමා පැනවීම හෝ මේ මොහොතේ ක්‍රියාත්මක කළ යුතු බවයි.
පවතින තත්ත්වය හමුවේ රාත්‍රී සමාජ ශාලා, සම්බාහන මධ්‍යස්ථාන වැනි ස්ථාන විවෘතව තැබීමට ඉඩදීම කිසිසේත් අනුමත කළ නොහැකි බවද ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම්වරයා පෙන්වා දුන්නා.
(Neth)