පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට අවශ්‍ය පියවර නොගැනීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට එරෙහිව විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ගොනුකර ඇති නඩුව අද කැඳවා තිබිණි. සැකකරුවන් දෙදෙනා පෙර ඇප මත මුදා හැරීමට විනිසුරු මඩුල්ල අද තීරණය කළේය.
නීතිපතිවරයා විසින් ගොනුකර ඇති මෙම නඩුව නාමල් බලල්ලේ, ආදිත්‍ය පටබැඳිගේ සහ මොහමඩ් ඉසදීන් යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ විභාගයට ගැනිණි.
සැකකරුවන් දෙදෙනාට පෙර ඇප නියම කරමින් නඩුව පිළිබඳ වැඩිදුර විභාගය ලබන 27 වැනිදා දක්වා කල්තැබීමට විනිසුරු මඩුල්ල තීරණය කළේය.
(LNW)