Wednesday, August 20, 2025
Follow Us
හෙද සේවයේ දහසකට කොවිඩ්

ආසාදිත හෙද සේවකයින් සියල්ලන්ම එන්නත ගත් අය


දිවයින පුරා රෝහල්වල හෙද කාර්ය මණ්ඩලයේ දහසකට ආසන්න සංඛ්‍යාවකට කොවිඩ් ආසාදිත වී ඇති බව තහවුරු වී ඇත.

මෙම කාර්ය මණ්ඩල නිලධාරීන් සියලුදෙනාම පාහේ කොවිඩ් මර්දන එන්නතේ මාත්‍රා දෙකම ලබාගෙන තිබීම විශේෂත්වයකි.

 

රජයේ හෙද නිලධාරින්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය සඳහන් කළේ කොවිඩ් ආසාදිතයන්ගේ ප්‍රමාණයේ සීග්‍ර වර්ධනයත් සමග රෝහල්වල සේවය කරන හෙද කාර්ය මණ්ඩලයට කොවිඩ් අාසාදනය වන බව ඔහු සඳහන් කළේය.

කොළඹ ජාතික රෝහලේ ඊයේ (5දා) වන විට හෙද කාර්ය මණ්ඩලයේ හැත්තෑපස්දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බවද රෝහල් ප්‍රකාශකයකු සඳහන් කළේය.

හෙද කාර්ය මණ්ඩලයේ තිස්නවදහසක පමණ සංඛ්‍යාවක් දිවයින පුරා රෝහල්වල කටයුතු කරනු ලබයි.

(Aruna)