Monday, August 18, 2025
Follow Us
ඇන්ටිජන් පෝළිමේ සිටි තිදෙනෙක්ට කොවිඩ්

බණ්ඩාරගම නගරයේ සිදු කල කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවේදී පුද්ගලයන් 63දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබූ බව බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පවසා තිබේ.

විවිධ රෝග ලක්ෂණ පහල වූ අය මෙන්ම ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූපුද්ගලයන් 191දෙනෙකුට මෙලෙස රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණය සිදු කර තිබේ.

ඇන්ටිජන් පරීක්ෂණය සඳහා පෙළ ගැසී සිටි පුද්ගලයන් අතර සිටි කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයෙක් ක්ලාන්තව ඇද වැටී තිබූ අතර එම තිදෙනාද ඇන්ටිජන් පරීක්ෂාව සිදු කිරීමෙන් අනතුරුව කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනා ගෙන තිබෙන බව වාර්තා වේ.

(Aruna)