Monday, August 18, 2025
Follow Us
රෝහල් කාර්ය මණ්ඩල වර්ජනය නතර කරයි

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තිය සමිති ආරම්භ කළ වැඩවර්ජනය පැය 4කට පසු අවසන් කිරීමට පියවර ගෙන තිබේ.


ඇතිකර ගත් එකඟතාවයන්ට අදාළ​ව වෘත්තිය සංගම් වෙත සාකච්ඡා නිකුත් කර ඇති බැවින් වෘත්තිය ක්‍රියාමාර්ගය අත්හිටුවීමට තීරණය කර තිබේ.

අද උදෑසන 7.00ට ආරම්භ කළ එම වෘත්තීය ක්‍රියාමාර්ගය උදෑසන 11.00ට පමණ එය නතර කිරීමට පියවර ගෙන ඇත.

ගැබිනි නිලධාරිනියන් සේවයට කැඳවීමට විරෝධය පළ කිරීම ඇතුළු ඉල්ලීම් හයක් මුල් කරගෙන දිවයින පුරා රෝහල්වල සෞඛ්‍ය කාර්ය මණ්ඩලය මෙම උද්ඝෝෂන ක්‍රියාත්මක කර තිබුණි.

(Aruna)