මේ දිනවල පවතින ගෑස් හිඟය හේතුවෙන් පාරිභෝගික ජනතාව ඉතාම දැඩි දුෂ්කරතාවන්ට මුහුණ පා සිටින බව දිවයින පුරා ප්‍රදේශ රැසකින් වාර්තා වේ.
රටේ පවතින ඩොලර් සංචිත හිඟය නිසා ලාෆ්ස් ගෑස් සමාගමට ණයවර ලිපි විවෘත කරගැනීමට නොහැකි වුණු තත්වයක් තුළ ඔවුන් ගෑස් ආනයනය කිරීම නවතා දැමුවේ මීට දින ගණනකට පෙරය.
ලාෆ්ස් සමාගම ගෑස් ආනයනය නතර කළ ද රටේ සම්පූර්ණ ගෑස් ඉල්ලුමට සරිලන පරිදි ගෑස් සැපයීමට තමන්ට හැකි බව රජයට අයත් ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා ඒ අවස්ථාවේදී ප්‍රකාශ කළේය.
කෙසේවෙතත් මේ වනවිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල සමාගම් දෙකෙන් එකකවත් ගෑස් සිලින්ඩර මිලට ගැනීමට නොමැති තත්වයක් උද්ගතවී තිබේ.
මේ හේතුවෙන් එදිනෙදා ඉවුම් පිහුම් කටයුතු සාමාන්‍ය පරිදි කරගැනීමට නොහැකිව ජනතාව ඉතාම දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දෙමින් සිටී.
(LNW)