Monday, August 18, 2025
Follow Us
ටීනියා රෝග ලක්ෂණ ඇත්නම් වහාම රෝහලක් වෙත යොමු වෙන්න

ටීනියා දිලීර රෝග ලක්ෂණ ඔබට හෝ ඔබගේ පවුලේ අයෙකුට වැළඳි ඇත්නම් වහාම ළඟම පිහිටි රජයේ රෝහලේ චර්ම රෝග සායනය වෙත පැමිණෙන්න ලෙස චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය පවසනවා.

කොවිඩ් වසංගතය පවතින කාලයේ ම ටීනියා නැමැති සමේ වැවෙන දිලීර රෝගය වේගයෙන් පැතිර යාම හේතුවෙන් ඒ සම්බන්ධයෙන් මාධ්‍ය දැනුම්වත් කිරීමක් (04) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දි පැවැත්වුණා.

වසර ගණනාවකට පෙර මෙය කුඩා දරුවන් අතර පැතිර ගිය රෝගයක් බවත් මේ වන එය වැඩිහිටියන්ට සම්ප්‍රේෂණය වීමේ අවධානමක් ඇතැයි කොළඔ ජාතික රෝහලේ චර්ම රෝග විශේෂඥ වෛද්‍ය ජනක අකරවිට පැවසුවේ.

ටීනීයා රෝගය පුස් වර්ගයක් වන අතර (RING WARM) ලෙසින් මෙය හඳුන්වනු ලැබේ. සම මතුපිට කැසීමක් මඟින් මෙම රෝගය ඉස්මතු වන අතර කළවා, කිහිළි හා ශරිරයේ දාඩිය ඉතිරි වන ස්ථානවල දි වැඩිපුර පැතිරේ. ශරිරයේ ප්‍රතිශක්තිකරණය අඩු අය හා කුඩා දරුවන් මෙම රෝගයෙන් ප්‍රවේශම්විය යුතු අතර මේ වන විට මෙම රෝග ප්‍රභේදය වෙනස් වි ඇතැයි රිජ්වේ ළමා රෝගලේ චර්ම රෝග විශේෂඥ වෛද්‍ය ශ්‍රියානි සමරවීර පැවසුවේ.

පෞද්ගලික පිරිසිදුතාවය හා සම වියළිව තබා ගැනීමෙන් මෙය වළක්වාගත හැකි බවත් නිසි ලෙස වෛද්‍ය උපදෙස් අනුගමනය කිරීමෙන් රෝගය වළක්වා ගත හැකි බවත් විශේෂ චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරු පවසන්නේ.

(Neth)