Saturday, February 28, 2026
Follow Us
විරෝධතාවයක නිරත 38දෙනෙකු අත්අඩංගුවට

කොළඹ කොටුව ජනාධිපති ලේකම් කාර්යාලය අසල නොසන්සුන්කාරී ලෙස හැසිරීම සම්බන්ධයෙන් 38 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.


මෙලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයින් අතර කාන්තාවන් 13දෙනෙකු ද වන බව පොලීසිය පැවසීය.

අත්අඩංගුවට ගත් පුද්ගලයින්ගෙන් මේ වනවිට ප්‍රකාශ සටහන් කරගනිමින් සිටින බවට තොරතුරු වාර්තා වේ.

ගුරු – විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීම, කොතලාවල පනතට එරෙහිව සහ සියලුම දරුවන්ට ඔන්ලයින් පහසුකම් ලබා දෙනු යන මැයෙන් විසඳුම් ඉල්ලා රජයට බලකරමින් ගුරු විදුහල්පති වෘත්තිය සමිති මාර්ග කිහිපයක් ඔස්සේ රථ පෙළපාලියකින් අද කොළඹට පැමිණ තිබුණි.

(Aruna)