Saturday, February 28, 2026
Follow Us
රත්නපුර රෝහලේ හදිසි තත්ත්වයක් ප්‍රකාශ කරයි

රත්නපුර රෝහලේ හදිසි නොවන සියලූ සේවා කල්දමයි


රත්නපුර ශික්‍ෂණ මහ රෝහලේ ඊයේ (03) සිට හදිසි ආපදා තත්ත්වයක් ප‍්‍රකාශයට පත්කළ බව රෝහල් අධ්‍යක්‍ෂ වෛද්‍ය අනෝජ් රෝඞ්රිගෝ මහතා පවසයි.

මෙම ආපදා තත්ත්වය යටතේ ඒ අනුව සැලසුම්කළ ශල්‍යකර්ම, වෛද්‍ය වාර්තා ලබාදීම, සායන සේවා ඇතුලූ අත්‍යවශ්‍ය නොවන සියලූ සේවාවන් කල් දැමීමට සිදු වන බව අධ්‍යක්ෂකවරයා පවසයි.

රෝහලේ බාහිර ප‍්‍රතිකාර අංශය සහ රෝගීන් ඇතුළත් කිරිම සාමාන්‍ය පරිදි සිදු කෙරෙන නමුත් අත්‍යවශ්‍ය නොවන සේවා සියල්ල ම කල්දමා ඇත.

(Aruna)