රෝහල් තදබදය නිසා රෝගී වැඩිහිටියන්ට නිවාසයේම ප්‍රතිකාර
පිළියන්දල වැඩිහිටි නිවාසයක වැඩිහිටියන් ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට කොවිඩ් 19 වෛරසය ආසාදිත වී ඇති බව පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා සඳහන් කරයි.
වැඩිහිටි නිවාසයේ සිටින වැඩිහිටියන් 20 සහ කාර්ය මණ්ඩලයේ 6 දෙනෙකු ට මෙලෙස වෛරසය ආසාදනය වී තිබේ.
රෝහල්වල පවතින තදබදය හේතුවෙන් රෝගී පුද්ගලයන් එම වැඩිහිටි නිවාසයේ ම රැඳවීමට කටයුතු කර තිබේ.
කොළඹ ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය අරුණ ජයතිලක මහතා පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ඉන්දික එල්ලාවල,පිලියන්දල දිසා රෝහලේ ආයතන භාර වෛද්‍ය නිලධාරී වෛද්‍ය නන්දනී සෝමරත්න මහත්ම මහත්මීන් ප්‍රමුඛ කණ්ඩායමක් එම වැඩිහිටි නිවාසයට ගොස් ඔවුන්ට අවශ්‍ය මූලික පහසුකම් සපයා තිබේ
(Aruna)