Sunday, August 17, 2025
Follow Us
අයවැය සහන පිළිගන්න බැහැ - ගුරු විදුහල්පති අරගලය අඛණ්ඩව - හෙට කොළඹට දැවැන්ත විරෝධතා රථ පෙළපාලියක්

අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා සහ අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් ගුරු - විදුහල්පති වෘත්තීය සමිති සන්ධානයේ නියෝජිතයින් අතර අධ්‍යාපන අමාත්‍යංශයේදී අද (03) පැවති සකච්ජාවද අසාර්ථක වී තිබේ.

රජයේ පාර්ශවයෙන් එම වැටුප් ගැටලුවට විසඳුමක් ඉදිරි අයවැයෙන් ලබා දෙන බව ප්‍රකාශ කළද එය පිළිගත හැකි විසඳුමක් නොවන බවයි එම සාකච්ජාව අවසානයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් මහතා පැවසුවේ.

ගුරු විදුහල්පති වැටුප් විෂමතාව විසඳීම සඳහා සුබෝධිනි කමිටු වාර්තාව ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටියද එය ක්‍රියාත්මක කරන්නේද නැද්ද යන්න පිළිබඳව රජයේ පාර්ශවයෙන් පැහැදිලි පිළිතුරක් නොලැබුණ බවයි ස්ටාලින් මහතා කියා සිටියේ.

කෙසේවෙතත් සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අත්නොහරින බවත් හෙට දින දැවැන්ත විරෝධතා රථ පෙළපාළියක් පවත්වන බවත් ස්ටාලින් මහතා වැඩිදුරටත් සඳහන් කරන ලදී.

(LNW)