වත්තල ප්‍රදේශ කිහිපයකට අනිද්දා පැය 24ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
ඒ අනුව අගහරුවාදා පෙරවරු 10සිට පසුදින පෙරවරු 10දක්වා වත්තල - මීගමුපාරේ කොටසකට, මාබෝල කොටසකට වැලිකඩමුල්ල හැදල පාර නායකකන්ද හංදිය දක්වා සියලුම අතුරු මාර්ගවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති. එමෙන්ම අල්විස්ටවුම, මරදාන පාර, පුවක්වත්ත පාර, ගලගහදූව සහ කෙරවලපිටිය කොටසකටද මෙලෙස ජල සැපයුම අත්හිටුවනවා.
වත්තල ජල සම්පාදන ක්‍රමය මගින් හැදල පාලම හරහා ජල නල එලීම හා ප්‍රධාන නළ මාර්ගයට සම්බන්ධ කිරීම හේතුවෙන් අගහරුවාදා ජල සැපයුම මෙලෙස අත්හිටුවන බවයි ලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසුවේ.
(Neth)