Sunday, August 17, 2025
Follow Us
ශ්‍රී ලංකාව සහ රුසියාව අතර ගුවන් ගමන් යලිත්

වසර 06කට පසු ශ්‍රී ලංකාව සහ රුසියාව අතර සෘජු ගුවන් ගමන් සේවා ශ්‍රී ලංකන් ගුවන් සේවය විසින් අද (01) සිට යළි ආරම්භ කර තිබේ.

ඒ අනුව ශ්‍රීලන්කන් ගුවන් සේවයේ යූ.එල් 534 දරණ ගුවන් යානය රුසියාවේ මොස්කව් නුවරින් ගමන් ආරම්භ කර අද උදෑසන 06.30ට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත ළඟා වී ඇති බව ගුවන්තොටුපොළ වාර්තාකරු පවසයි.

මේ අනුව විදේශීය සංචාරකයින් ඇතුළු 51 දෙනෙකු පැමිණ සිටි බව වාර්තා වී ඇත.

එම ගුවන් යානය සෑම සතියකම සිකුරාදා රාත්‍රි 10.20ට මොස්කව් නුවරින් පිටත්වී ඉරිදා උදෑසන 06.10ට කටුනායක ගුවන්තොටුපොළ වෙත ළඟාවීමට නියමිත අතර එම ගුවන් සේවාව අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට නියමිතය.

(Aruma)