Sunday, August 17, 2025
Follow Us
දෛනික කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 2500 ආසන්නයට. දින 4ක් තුළ අධිවේගී ඉහළ යෑමක් !

ඊයේ (30) දිනය තුළ මෙරටින් හඳුනාගත් මුළු කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 2460ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ඒ, අලුත් අවුරුදු පොකුරෙන් 2455 දෙනෙකු සහ විදේශයන්හි සිට පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිටින 05 දෙනෙකු වශයෙනි.

දෛනික කොවිඩ් රෝගීන් සංඛ්‍යාව මෙසේ 1600 සීමාවේ සිට 2400 සීමාව ඉක්මවා අධිවේගයෙන් ඉහළ ගියේ දින හතරක් වැනි කෙටි කාලයක් තුළය.

රෝහල්වල කොවිඩ් වාට්ටු පිරී යමින් පවතින අතර ඔක්සිජන් අවශ්‍යතාවය ද ඉහළ යමින් පවතී. එහෙයින් හැකි උපරිමයෙන් සෞඛ්‍ය ආරක්ෂක පිළිවෙත් අනුගමනය කරමින් ප්‍රවේශමින් කටයුතු කරන ලෙසයි සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

(LNW)