Sunday, August 17, 2025
Follow Us
නිමාලි ලියනාරච්චිගේ ඔලිම්පික් සිහිනය බොඳ වෙයි

ටෝකියෝ ඔලිම්පික් උළෙලේ මීටර් 800 කාන්තා තරග ඉසව්ව නියෝජනය කළ නිමාලි ලියනාරච්චි හට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව අහිමි වුණා.

මෙම ඉසව්වේ මූලික වටයේ සිව්වන තරගයට එක් වූ නිමාලිට හිමි වූයේ 8 වන ස්ථානයයි.

එහිදී ඇය වාර්තා කළ කාලය විනාඩි 2 යි තත්පර 10 යි දශම 2 යි 3ක්.

නිමාලි ලියනාරච්චිගේ මෙම ඉසව්වේ පෞද්ගලික හොඳම දක්ෂතාවය විනාඩි 2 යි තත්පර 2 යි දශම 5 යි 8ක් ලෙසයි මීට පෙර සටහන් වූයේ.


(Neth)