Sunday, August 17, 2025
Follow Us
කොවිඩ් රෝගීන්ට දිනකට ඔක්සිජන් ලීටර් 43,000ක් ඕන

ජම්බෝ සිලින්ඩර 4800ක් චීනයෙන් ගෙන්වයි


දෛනික ඔක්සිජන් පරිභෝජනය ලීටර 45,000 ඉක්මවුවහොත් ආනයනය කිරීමට ඖෂධ නියාමන, සැපයුම් පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.

කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා ඔක්සිජන් ලීටර 43,000ක් දෛනිකව භාවිත කරන බව අමාත්‍යාංශය සඳහන් කරයි. කොවිඩ් වසංගතය ආරම්භයේදී රෝහල්වල ඔක්සිජන් පරිභෝජනය ලීටර් 22000ක් විය.

 

දැනට මට්ටක්කුලියේ සහ සපුගස්කන්ද මාබිම පිහිටි ඔක්සිජන් නිෂ්පාදනාගාරවලින් සෞඛ්‍ය අමාත්‍යාංශයට ඔක්සිජන් සපයනු ලබයි.
එහෙත් රෝහල්ගත වන කොවිඩ් රෝගීන්ට අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණය ශීඝ්‍ර ලෙස ඉහළ යන බව සෞඛය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් ප්‍රකාශ කළේය.

ඔක්සිජන් පිරවීම සඳහා ලීටර 47 පරිමාවෙන් යුක්ත ජම්බෝ ඔක්සිජන් සිලින්ඩර 4800ක්ද චීනයෙන් මෙරටට ගෙනැවිත් ඇත.
දෛනිකව ඔක්සිජන් වැඩි වශයෙන් භාවිත වන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ කොවිඩ් ප්‍රතිකාර​ රෝහල් තුළය. දැනට ලැබෙන ඔක්සිජන් ප්‍රමාණවත් බව රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය සමන් රත්නායක පැවසීය.

(Aruna)