Sunday, August 17, 2025
Follow Us
තත්වය අවදානම්, කොවිඩ් ව්‍යාප්තිය සීඝ්රයෙන් ඉහළට. ඊයේ රෝගීන් 2370ක් සහ මරණ 66ක් !

ඊයේ (29) දිනය තුළ මෙරටින් හඳුනාගත් මුළු කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 2370ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ඒ, අලුත් අවුරුදු පොකුරෙන් 2329 දෙනෙකු සහ විදේශයන්හි සිට පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිටින 41 දෙනෙකු වශයෙනි.

මෙරට දෛනික කොවිඩ් රෝගීන් සංඛ්‍යාව මෙසේ 2300 සීමාව යළි ඉක්මවා ගියේ මාස දෙකකට පමණ පසුවය.

මේ අතර ඊයේ දිනයේදී මෙරටින් තවත් කොවිඩ් මරණ 66ක් ද නිවේදනය කර තිබිණි.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සිදුකෙරෙන රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලදී ආසාදිතයින් හමුවීමේ ප්‍රතිශතය දැඩි ලෙස ඉහළ ගොස් ඇති බවක් වාර්තා වන අතර මෙම අවදානම් තත්වය හමුවේ සෞඛ්‍ය ආරක්ෂණ උපදෙස් තරයේ පිළිපදින ලෙසයි සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

(LNW)