Saturday, August 16, 2025
Follow Us
රෝහල් සහ සෞඛ්‍ය ආයතන 100ක අද දහවල් විරෝධතා ව්‍යාපාරයක්

රෝහල් සහ සෞඛ්‍ය ආයතන සියයක අද දහවල් 12 සිට 01 දක්වා කාලය තුල විරෝධතා ව්‍යාපාරයක් ක්‍රියාත්මක කරන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති සමන් රත්නප්‍රිය පැවසුවේ හෙද සේවාවේ උසස්වීම් ඇතුලු සිය ඉල්ලීම් 09 ක් ඉටු කිරීමට රජය පොරොන්දු වුවද මෙතෙක් ඒ සදහා ක්‍රියාත්මක නොවීම හේතුවෙන් මෙම විරෝධතා වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි.

සිය ඉල්ලීම්වලට සතියක් ඇතුලත විසදුම් නොලැබුනහොත් සියලු හෙද වෘත්තීය සමිති සමග ඒකාබද්ධ වෘත්තිය ක්‍රියාමාර්ගයකට යොමුවන බවද සමන් රත්නප්‍රිය වැඩි දුරටත් සදහන් කළා.

(NEth)