Wednesday, April 29, 2026
Follow Us
ඩෙංගු අධි අවදානම් දිස්ත්‍රික්ක 10ක්

‌‌ඩෙංගු අධි අවදානම් දිස්ත්‍රික්ක දහයක් හදුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, කුරුණෑගල , මාතර , රත්තපුර, කෑගල්ල, හම්බන්තොට සහ ගාල්ල යන දිස්ත්‍රික්ක දහය තුළ ඩෙංගු සීග්‍රයෙන් ව්‍යාප්ත වෙමින් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය හිමාලි හේරත් මහත්මිය පැවසීය.

ඇය ජනතාවගෙන් ඉල්ලා සිටියේ තමන් ජීවත්වන පරිසරය තුළින් ඩෙංගු මදුරුවන් බෝ වන බැවින් අවට පරිසරය පිරිසිදුව තබාගන්නා ලෙසටයි.

මේ වසරේ ගතවූ කාලසීමාව තුළදී පමණක් මෙරටින් වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 10155දෙනෙකු වාර්තා වී ඇත.

ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ මඩකලපුව දිස්ත්‍රික්කයෙනි.

එම සංඛ්‍යාව 2975ක්.

(Aruna)