Saturday, August 16, 2025
Follow Us
දෛනිකව වාර්තා වන කොවිඩ් ආසාදිත දරුවන් ගණන 5කට අධිකයි

මෙරටින් දෛනිකව ‍කොවිඩ් ආසාදිත දරුවන් 5දෙනෙකු වැඩි පිරිසක් වාර්තා වන බව බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහල පවසයි.

එහි අධ්‍යක්ෂ ජී. විජේසූරිය මහතා පැවසුවේ මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 500කට අධික බවයි.

එමෙන්ම කොවිඩ් ආසාදනයවීමෙන් මෙරට දරුවන් දසදෙනෙකු මියගොස් ඇති බව ඒ මහතා සදහන් කරයි.

වසංගත තත්ත්වය හමුවේ දරුවන් ආරක්ෂා කර ගැනීම සදහා දෙමාපියන් වැඩි අවධානයකින් කටයුතු කළ යුතු බව බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ ජී. විජේසූරිය මහතා වැඩිදුරටත් පැවසීය.

(Aruna)