ඊයේ (22) දිනය තුළ මෙරටින් හඳුනාගත් මුළු කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 1721ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
ඒ, අලුත් අවුරුදු පොකුරෙන් 1714 දෙනෙකු සහ විදේශයන්හි සිට පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිටින 07 දෙනෙකු වශයෙනි.
මෙරට දෛනික කොවිඩ් රෝගීන් සංඛ්‍යාව මෙසේ නැවතත් 1700 මට්ටම ඉක්මවා ගියේ ජුලි 02 වනදාට පසු පළමු වරටය. ගතවූ සති තුනක පමණ කාලය තුළ එය පැවතියේ 1500 - 1400 වැනි තත්වයකය.
මේ අතර තවත් කොවිඩ් මරණ 42ක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් ඊයේ නිවේදනය කර තිබිණි. ඒත් සමග මෙරටින් මෙතෙක් තහවුරු කරන ලද සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 3959ක් දක්වා ඉහළ ගොස් තිබේ.
(LNW)