Saturday, August 16, 2025
Follow Us
තහනම නොතකා ෂැෂේ පැකට් නිෂ්පාදනය කළ සමාගමට වැඩ වැරදේ

ආහාර සහ ඖෂධ නොවන ෂැෂේ පැකට් නිෂ්පාදනය කිරීම තහනම් කර තිබියදී ෂැෂේ නිෂ්පාදනය කළ කැස්බෑව ප්‍රදේශයේ කර්මාන්තශාලාවක් මධ්‍යම පරිසර අධිකාරිය විසින් ඊයේ (22 වැනිදා) වටලනු ලැබීය.

කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, මඩපාත, ජබුරලිය ප්‍රදේශයේ පිහිටි කර්මාන්ත ශාලාවක් මෙලෙස වටලනු ලැබීය.

මෙම කර්මාන්තශාලාවේ නිෂ්පාදනය කරනු ලැබූ ෂැෂේ ඇසුරුම් 3000ක් (Scented After Wash) කර්මාන්තශාලාවේ තිබී මධ්‍යම පරිසර අධිකාරිය විසින් සොයා ගන්නා ලදී.

මෙලෙස නිෂ්පාදනය කර තිබූ ෂැෂේ ඇසුරුම් වෙළෙඳපොළටද නිකුත් කර ඇතැයි මෙහි දී අනාවරණය විය. එම ඇසුරුම් වහාම වෙළෙඳපොළෙන් ඉවත් කරගන්නා ලෙස මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන් අදාළ සමාගමේ බලධාරීන්ට අවවාද කරන ලදී.

නීතියෙන් තහනම් කර තිබියදී ෂැෂේ ඇසුරුම් නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන් අදාළ සමාගමට විරුද්ධව මධ්‍යම පරිසර අධිකාරිය විසින් නඩු පැවරීමට නියමිතය.

(Aruna)