Saturday, August 16, 2025
Follow Us
ලබන සදුදා ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවයි

වත්තල ප්‍රදේශ කිහිපයකට ලබන 26 වැනිදා පැය 24ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසයි.


ඒ අනුව 26 වැනිදා පෙරවරු 10.00 සිට 27 වැනිදා පෙරවරු 10.00 දක්වා මෙම ජල කප්පාදුව වන බව ජල සම්පාදන මණ්ඩලය සදහන් කරයි.

එම මණ්ඩලය සදහන් කළේ වත්තල ජල සම්පාදන ක්‍රමය මගින් හැඳල පාලම හරහා ජලනල එලීම හා ප්‍රධාන නළ මාර්ගයට සම්බන්ධ කිරීම හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදුවන බවයි.

ඒ අනුව වත්තල – මීගමුව පාරේ කොටසකට, මාබෝල කොටසකට , වැලිකඩමුල්ල, හැඳල පාර නායකකන්ද මංසන්ධිය දක්වා සියලුම අතුරු මාර්ග, අල්විස් ටවුම ,මරදාන පාර, පුවක්වත්ත පාර, ගලගහදූව , කෙරවලපිටියේ කොටසකට ජල සැපයුම අත්හිටුවනු ඇත.

(Aruna)