කොළඹින් අරඹන සටන විසඳුම් ලැබෙන තෙක් දිගටම
මෙරට සියලුම හෝටල් සේවකයන් ලබන 26 වැනිදා සිට දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි උද්ඝෝෂණ මාලාවක් ආරම්භ කරන බව හෝටල් සේවක මධ්‍යස්ථානය පවසයි.
කොළඹ දිස්ත්‍රික්කයෙන් මෙම උද්ඝෝෂණ මාලාව ආරම්භ වන බවත් කොරෝනා වසංගතයෙන් පීඩාවට පත්වී සිටින හෝටල් සේවකයන්ගේ ගැටලුවලට විසඳුම් ලබා දෙන තෙක් සටන අත් නොහරින බව මෙම මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක ජයතිලක රණසිංහ ‘‘අරුණ’’ට පැවසීය.
අවස්ථා ගණනාවකදි තම ගැටලුවලට විසඳුම් ලබා දෙන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටියත් කිසිදු විසඳුමක් මේ වන තෙක් නොලැබුණු බව ඔහු පෙන්වා දුන්නේය. ඉල්ලීම්වලට තාවකාලික විසඳුම් අවශ්‍ය නොවන බවත් ස්ථිර විසඳුමක් අවශ්‍ය බවත් හෙතෙම පැවසීය.
ඒ අනුව උද්ඝෝෂණ මාලාව ජුලි 26දා සවස 3.30ට කොළඹ නගරයෙන් ආරම්භ කරන බව ඔහු පැවසීය.
(Aruna)