ඉදිරියේදී ශ්‍රී ලංකාවට ඉන්ධන හිගයකට මුහුණදීමේ අවදානමක් මතුව තිබෙනවා. ඒ මෙරට රජය විසින් බොරතෙල් මිලදී ගැනීම සඳහා ඉදිරිපත් කළ බොරතෙල් ටෙන්ඩරයට කිසිදු සමාගමක් ලංසු තැබීමට ඉදිරිපත් නොවීම හේතුවෙනි.
බොරතෙල් මෙට්‍රික් ටොන් 120,000 ක් මිලදී ගැනීම සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඊයේ විවෘත කළ ටෙන්ඩරය සඳහා කිසිදු සමාගමක් ඉදිරිපත් වී නොමැත.
මෙම තත්වය හමුවේ ඉදිරියේදී ඛනිජ තෙල් සංස්තාවට පිරිපහදු කළ ඉන්ධන පමණක් මිලදී ගැනීමට සිදුවන තත්වයක් උද්ගත වී තිබේ.
මේ වනවිටත් ආණ්ඩුව උග්‍ර ඩොලර් හිගයකට මුහුණදී සිටින අතර මේ නිසා අත්‍යවශ්‍ය භාණ්ඩ පවා ආනයනය සීමා කිරීමට කටයුතු කර තිබේ.
අනෙක් පැත්තෙන් ශ්‍රී ලංකාවට බොරතෙල් සැපයීම සඳහා ලංසු තැබීමට ජාත්‍යන්තර සමාගම් ඉදිරිපත් නොවීම හරහා ප්‍රකාශ වන්නේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කිසිදු විස්වාසයක් ඔවුන්ට නොමැති බවයි.
(LNW)