Sunday, August 30, 2026
Follow Us
තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 20ක් එයි. මෙතෙක් ගෙනා සමස්තය ලක්ෂ 91ක් දක්වා ඉහළට

තවත් සයිනොෆාම් කොවිඩ් එන්නත් මාත්‍රා මිලියන 2ක් අද (22) අළුයම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට ළඟාවී තිබේ.

චීනයේ සිට එම එන්නත් තොගය ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානා දෙකකින් රැගෙන පැමිණි බව සඳහන්.

ඒ අනුව මෙතෙක් මෙරටට ගෙන්වා ඇති සමස්ත සයිනොෆාම් එන්නත් මාත්‍රා ප්‍රමාණය මිලියන 9.1ක් වේ.

(LNW)