Friday, February 27, 2026
Follow Us
පිළියන්දල ෆැක්ට්‍රියක කොවිඩ් පොකුරක්

පිළියන්දල ෆැක්ට්‍රියක 106කට කොවිඩ්


පසුගියදා සිදු කරන ලද පීසීආර්. පරීක්ෂණ 134ක් අතුරින් කොවිඩ් 19 ආසාදිත රෝගීන් 106 දෙනෙකු පිළියන්දල ජබුරලිය පෞද්ගලික කර්මාන්තශාලාවකින් හඳුනා ගැනීමට හැකි වූ බව කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල සඳහන් කරයි.

මේ හේතුවෙන් ඉදිරියේදී එම කර්මාන්ත ශාලාව ක්‍රියාත්මක කරන්නේද එසේනම් ඒ කුමන ආකාරයකින්ද යන වග සෞඛ්‍ය නිලධාරින් විසින් දැනුම් දීමෙන් අනතුරුව තීරණය කරන බව වැඩිදුරටත් කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කරයි.

​මෙම කොවිඩ් රෝගීන් අතුරින් පස්දෙනකු ‘‘ඩෙල්ටා’’ ප්‍රභේදය වැලඳී ඇති බවට සැක කරන්නේ යැයි සෞඛ්‍ය අංශ පවසති.

(Aruna)