Thursday, August 14, 2025
Follow Us
නීතියට යන බස් වලට 20%ක් වැඩිපුර අය කරන්න ඉඩ

පෞද්ගලික ප්‍රවාහනය ජනතාවට බරක් නොවන වැඩපිළිවෙලක් කරන්න සැලසුම්


සෞඛ්‍ය නීතිවලට අනුගතව ධාවනය කරන බස් රථ සඳහා 20%ක මුදලක් වැඩිපුර අය කිරීමට අවසර දී ඇති බව ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා අද (20) දින පාර්ලිමේන්තුවේදී පැවසීය.

මේ වන විට එම යෝජනාව කැබිනට් මණ්ඩලය ද අනුමත කර ඇති බවත් ඒ අනුව ක්‍රියා කරගෙන යන බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.

රජය දුම්රිය දෙපාර්තමේන්තුව සහ ලංකා ගමනාගමන මණ්ඩලය සේවාවක් හැටියට පවත්වාගෙන යන බව සඳහන් කරයි.

පෞද්ගලික ප්‍රවාහන අංශය වෙත ලබා දී ඇති පහසුකම් ප්‍රමාණවත් නොවන බව පිළිගන්නා අතර පෞද්ගලික අංශය මහජනතාවට බරක් නොවන අයුරින් පවත්වාගෙන යාම සඳහා වැඩපිළිවෙලක් ඇති කිරීම සම්බන්ධව මේ වන විට ප්‍රවාහන අමාත්‍යංශය රජයත් සමග සාකච්ඡා කරමින් පවතින බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

දුම්රිය භාණ්ඩ ප්‍රවාහනය ශක්තිමත් කිරීමට වැඩපිළිවෙළක් අරඹා ඇති අතර මේ වන විට තෙල් සංස්ථාවේ තෙල් ප්‍රවාහනය මෙන්ම සිමෙන්ති හා වැලි ප්‍රවාහනයද සිදු කරන බව අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා සඳහන් කරයි.

(Aruna)