Thursday, August 14, 2025
Follow Us
ජනවාරියේ සිට ෂොපින් බෑග් තහනම්

විකල්පයක් තිබ්බත් නැතත් සිලි සිලි බෑග් තහනම්


පරිසර අමාත්‍යාංශය විසින් මෙරට පොලිතීන් හා ප්ලාස්ටික් භාවිතය අවම කිරීම සඳහා ක්‍රියාත්මක කර තිබෙන වැඩ පිළිවෙළ යටතේ 2022 ජනවාරි මස සිට ෂොපින් බෑග් තහනමේ පළමු අදියර ආරම්භ කිරීමට පියවර ගන්නා ලෙස පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා මධ්‍යම පරිසර අධිකාරියට උපදෙස් ලබා දී තිබේ.

අපේ රටේ වාර්ෂික සමස්ත සිලි සිලි බෑග් භාවිතය බිලියන 02ක ඉක්මවා තිබේ.

පරිසර අමාත්‍යාංශය විසින් එකතු කරන ලද දත්ත අනුව මෙරට සුපිරි වෙළෙදසැල් ජාලයට අයත් සමාගම් ජාල දෙකක් විසින් වර්ෂයකට පාරිභෝගිකයින්ට නොමිලේ නිකුත් කරන සිලි සිලි බෑග් ප්‍රමාණය කෝටි 100කි.
එක් සුපිරි වෙළෙඳසැල් ජාලයකට අයත් එක් සාප්පුවකින් පමණක් දිනකට නිකුත් කරන ෂොපින් බෑග් ප්‍රමාණය ලක්ෂ 05ක් වන අතර අපේ රටේ සෙසු සියලු වෙළෙඳ ආයතනවලින් නිකුත් කරන ෂොපිං බෑග් ප්‍රමාණය ගත් කළ බිලියන 02 ඉක්මවන බව පැහැදිළිය.

එක්වරක් පමණක් භාවිතා කරන මෙම සිල සිලි බෑග් අදියර දෙකක් යටතේ තහනම් කිරීමට නියමිත අතර මෙහි පළමු අදියර 2022 ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක වේ.

ඒ අනුව අගල් 10ක් පළළ, අඟල් 05ක් ගැඹුර හා අඟල් 16 උසින් යුත් ප්‍රමාණය හා ඊට අඩු සියලුම ෂොපින් බෑග්, ග්‍රොසරි බෑග් පළමු අදියරේ දී තහනම් කිරීමට සැලසුම් කර ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
මෙම බෑග් වෙනුවට ආදේශක හඳුන්වා දීමට දැනට කටයුතු කරමින් සිටින අතර විකල්ප තිබුනත් නැතත් මෙම තහනම අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කරන බව අමාත්‍යවරයා පැවසීය.

(Aruna)